මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන පැනමාවට රික්ටර් මාපකයේ ඒකක 7.7 ක ප්‍රබලතාවයෙන් යුතු ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා.
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ පැනමාවේ දකුණු-මධ්‍යම ප්‍රදේශයේ පිහිටි ‘පිටලෝසා අරීබා‘ නගරයේ සිට කිලෝමීටර 10 ක පමණ දුරින්, පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර 10 කට ආසන්න ගැඹුරින් මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.
මෙම ප්‍රබල භූකම්පනය හේතුවෙන් මිලියන 4.6 කට ආසන්න පිරිසකට මධ්‍යම සහ අධික මට්ටමේ කම්පන තත්ත්වයන් දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වා්තා කළේ.
එමෙන්ම භූකම්පනයත් සමග “පෙනොනොමේ” සහ “සොනා” යන නගරවල පිහිටි ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම සහ අර්ධ වශයෙන් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සුන්බුන් අතර සිරවූ පිරිස් මුදාගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.




