බංග්ලාදේශ අග්‍රාමාත්‍ය තරීක් රහ්මාන්ගේ ඉන්දීය සංචාරයක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දෙදින නිල සංචාරයක් සඳහා ඔහු නවදිල්ලියට පැමිණීමට නියමිත බවයි.
මෙය ඉන්දු - බංග්ලාදේශ ද්විපාර්ශවික සබඳතාවල තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
එමෙන්ම මෙම සංචාරය ඉතා ඉක්මනින් සිදුවනු ඇති බවත්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා නිසි මාවතේ පවතින බවත් මාධ්‍ය මූලාශ්‍ර පවසයි.
ආර්ථික හවුල්කාරිත්වය, වෙළඳාම, යටිතල පහසුකම් සහ සන්නිවේදන සම්බන්ධතා (connectivity) ශක්තිමත් කිරීම මෙන්ම දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම කෙරෙහි මෙහිදී සාකච්ඡා අවධානය යොමු කරන බව වාර්තා වේ.
අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීමට පෙර, බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය කලීලුර් රහ්මාන් 2026 අප්‍රේල් 7 සහ 8 යන දිනවල නවදිල්ලියේ සංචාරය කිරීමට නියමිතය.
මෙමගින් අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය සඳහා අවශ්‍ය මූලික පසුබිම සකස් කෙරෙන බව පැවසේ.
අග්‍රාමාත්‍ය තරීක් රහ්මාන්ගේ දෙදින නිල සංචාරය 2026 අප්‍රේල් මස මැද භාගයේදී සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ




