ලොව පුරා පරිශීලකයින් දස දහස් ගණනකට බලපෑම් එල්ල කරමින් හටගත් මයික්‍රොසොෆ්ට් සේවා බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට එම සමාගම දැඩි වෙහෙසක් දරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.
”සම්බන්ධතා ගැටලු” හේතුවෙන් Teams, Outlook සහ එම සමාගමේ කෘත්‍රිම බුද්ධි මෘදුකාංගය වන Copilot ඇතුළු සේවා රැසකට මෙලෙස බාධා එල්ල වී තිබෙනවා.
කෙසේවෙතත් මෙම බිඳ වැටීම සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූවක් වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවයි මයික්‍රොසොෆ්ට් සමාගම පවසන්නේ.
අන්තර්ජාල සේවා බිඳ වැටීම් නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වාර්තා කරන්නේ මෙම තත්ත්වය රටවල් 74ක පරිශීලකයින්ට බලපා ඇති බවත්, පැය අටකට වැඩි කාලයක් තිස්සේ එම බිද වැටීම අඛණ්ඩව පවතින බවයි.
මෙම ගැටලුව විසඳීම සඳහා තමන් ගත් පළමු උත්සාහයන් ”මුලින් අපේක්ෂා කළ ආකාරයට ක්‍රියාත්මක නොවන” බව මයික්‍රොසොෆ්ට් සමාගම පිළිගෙන තිබෙනවා.
කෙසේ වෙතත් තම කණ්ඩායම මේ වන විට ”ධනාත්මක ප්‍රතිඵල දකිමින් සිටින” බව ද එම සමාගම සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් බී.බී.සී පුවත් සේවය වෙත අදහස් දක්වමින් තාක්ෂණික විශේෂඥයෙකු ප්‍රකාශ කර ඇත්තේ, මෙය සයිබර් ප්‍රහාරයක් නොවේ නම්, එය ”ඇදහිය නොහැකි තරමේ අකාර්යක්ෂමතාවක්” බවයි.
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව Microsoft 365 යෙදුම් භාවිත කරන බැවින් මෙම බිඳ වැටීම ජාත්‍යන්තර වශයෙන් විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා.




