Published
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 1.33 කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම බොරතෙල් බැරලයක නව මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 101.53 ක් ලෙසයි.
එමෙන්ම ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 1.11 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ඩොලර් 89.39 ක් ලෙස සටහන් වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මැදපෙරදිග ප්‍රධාන තෙල් නිෂ්පාදනය කරන කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් එලෙස යළි බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.




