Published
ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය අදට යෙදී තිබෙනවා.
ඉස්ලාමීය මාස ක්රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවයයි මෙලෙස අදට යෙදී ඇත්තේ.
මේ අතර හජ් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක බව පොලීසිය පවසනවා.
ඒ අනුව විශේෂ යාඥාවන් පැවැත්වෙන සියලුම ප්රධාන මුස්ලිම් පල්ලි සහ අවට ප්රදේශ ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා ඇති බවිය පොලීසිය පැවසුවේ.
එමෙන්ම මුස්ලිම් පල්ලි අවට අධික රථ වාහන තදබදයක් ඇති වීම වැළැක්වීම සහ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්රියාත්මක කර තිබෙනවා.




