Published
පවතින අධික ශීත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාශ්මීර නිම්නයේ සියලුම පාසල් පැවැත්වෙන වේලාවන් සංශෝධනය කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
කාශ්මීර පාසල් අධ්‍යාපන අධ්යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කළ නව නියෝගයකට අනුව ලබන බ්‍රහස්පතින්දා සිට මෙම නව වේලාවන් ක්‍රියාත්මක වනු ඇති.
ඒ අනුව පෙරපාසල් ශ්‍රේණියේ සිට 08 වන ශ්‍රේණිය දක්වා පන්ති පෙරවරු 10.30 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වීමට නියමිත අතර, 09 වන ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා පන්ති පස්වරු 3.30ට අවසන් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කාශ්මීර කලාපයේ ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල පිහිටි සියලුම රජයේ පාසල් මෙන්ම පිළිගත් පෞද්ගලික පාසල් සඳහාද මෙම නව කාලසටහන අදාළ වන බව එරට අධ්‍යාපන බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.




