ඉරානයේ හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින්, අමෙරිකානු මිලිටරිය විසින් ඊයේ රාත්‍රියේ නව ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
අමෙරිකානු හමුදාවන්ට සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිදුවන වාණිජ නාවික ගමනාගමනයට තර්ජනයක් යැයි සැකකෙරෙන ඉරාන හමුදා කදවුරක් ඉලක්ක කර ගනිමින් එලෙස ප්‍රහාර එල්ල කළ බවයි එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා පවසන්නේ.
ඉරාන ඒකපාර්ශ්වික ප්‍රහාරක ඩ්‍රෝන යානා හතරක් ද වෙඩි තබා බිම හෙළූ බව ඔහු පවසා තිබෙනවා.
පස්වන ඩ්‍රෝන යානය දියත් කිරීමට ආසන්නව සිටියදී බන්ඩාර් අබ්බාස්හි ස්ථානයට පහර දුන් බවයි පැවසෙන්නේ.
එමෙන්ම නගරයේ නැගෙනහිරින් පිපිරීම් ඇසුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම ප්‍රහාර එල්ල වන්නේ එක්සත් ජනපදය සහ ඉරානය අතර බිඳෙනසුලු සටන් විරාමයක් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට බාධා කළ හා ගෝලීය බලශක්ති මිල ඉහළ නැංවූ මාස තුනක යුද්ධය අවසන් කිරීම සඳහා දිග්ගැස්සුනු සාකච්ඡා මධ්‍යයේයි.
දින තුනක් ඇතුළත එක්සත් ජනපදය, ඉරානයේ ඉලක්කවලට පහර දුන් දෙවන අවස්ථාව මෙය වනවා.




