බටහිර ආසියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානයේ ප්‍රහාරවලට ලක්ව ඇති පසුබිමක, එහි වෙසෙන ඉන්දියානුවන්ගේ ආරක්ෂාව තම ප්‍රමුඛතාවය බවත්, ඔවුන්ට පවුලේ සාමාජිකයන් මෙන් සලකන බවත් එම රට ඉන්දියාවට සහතික වී ඇත.

ගල්ෆ් කලාපීය රටවලට ඉරානය එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාවකට ඉන්දියාව සහය දැක්වීම, ඉන්දියාවේ එක්සත් අරාබි එමීර් තානාපති අබ්දුල්නාසර් අල්ෂාලි අගය කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දියාව උපායමාර්ගික හවුල්කරුවෙකු සහ මිතුරෙකු ලෙස සලකන බවත්, වඩාත්ම අවශ්‍ය මොහොතේ ඉන්දියාව ප්‍රතිපත්තිගරුකව කටයුතු කළ බවත් ඔහු පැවසීය.

"අප සමඟ මුලින්ම සිටගත්" පිරිස අතර ඉන්දියාව සිටි බව තම රට සැමවිටම මතක තබා ගන්නා බවද ඔහු සඳහන් කළේය.

"එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඉන්දියානු ජාතිකයින්ගේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයකි. සාමයෙන් සහ සමගියෙන් වසන ජාතීන් 200 කට අධික පිරිසක් මෙන්ම ඔවුන්වද ආරක්ෂා කරමින් පවුලේ අය ලෙස සලකනු ලබනවා," යැයි අල්ෂාලි PTI පුවත් සේවයට පවසා ඇත.