පසුගිය දශකය තුළ මුදල්මය මෙන්ම මුදල්මය නොවන පරිමාණවලින් දිළිඳුකම අවම කර ගැනීම සඳහා ඉන්දියාව විශිෂ්ට ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, ලොව වේගවත්ම දිළිඳුකම අවම කරගත් රටවල් අතරට ඉන්දියාව ද එක්ව සිටින බව ලෝක බැංකුව සිය නවතම වාර්තාවෙන් පෙන්වා දෙයි.

එම වාර්තාවට අනුව 2011 සහ 2023 අතර කාලය තුළ, පහළ-මධ්‍යම ආදායම් ලබන රටවල (දිනකට ඩොලර් 4.20) සීමාවට පහළින් ජීවත් වන ජනගහනයේ ප්‍රතිශතය සියයට 57.7 සිට සියයට 16.1 දක්වා පහත වැටී ඇති අතර, ඒ අනුව ඇස්තමේන්තුගත ජනතාව කෝටි 49.6 ක් දිළිඳුකමින් මුදාගෙන තිබේ.

එමෙන්ම දිනකට ඩොලර් 3.00 ක් වන අතිශය දිළිඳුකම සියයට 27.1 සිට සියයට 2.6 දක්වා පහත වැටී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

එපමණක් නොව, ඉදිරියටත් දිළිඳුකම "කෙමෙන් කෙමෙන්" පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කරන ලෝක බැංකුව, දිනකට ඩොලර් 4.20 සීමාව අනුව මනිනු ලබන දිළිඳුකමේ අනුපාතය 2026 දී පැවැති සියයට 14.2 සිට 2028 වන විට සියයට 12.1 දක්වා තවදුරටත් පහත යනු ඇතැයි අපේක්ෂා කරයි.