Published
ඉන්දියාවේ උත්තරාඛන්ඩ් ප්‍රාන්තයේ තෙහ්රි ගාර්වාල් දිස්ත්‍රික්කයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මගීන් 30ත් 35ත් අතර පිරිසක් රැගත් මෙම බස් රථය පාලමකින් පහළ මීටර් 100ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවයි එරට පොලිසිය පවසන්නේ.
අනතුර පිළිබඳ තොරතුරු ලැබුණු වහාම ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට ළඟා වී සිරවී සිටි මගීන් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙකු පමණ බේරාගෙන ප්‍රතිකාර සඳහා ගිලන් රථ මගින් රෝහල් වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




