Published
චීන ජාතික කාන්තාවක් නෝර්වේ හිදී අත් අඩංගුවට ගෙන තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ නෝර්වේ රාජ්‍යය තුළ ඔත්තු බැලීමේ කටයුතුවලට සම්බන්ධ වූ බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඇයට එරෙහි නඩුව විමර්ශනය කරන අතරතුර සති හතරක කාලයක් පොලිස් අත්අඩංගුවේ තබා ගැනීමට නෝර්වේ අධිකරණයක් නියෝග කළේය.
මෙම නඩුවේ සැකකරුවන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකු වන මෙම කාන්තාව, නීති විරෝධී ලෙස චන්ද්‍රිකා දත්ත බාගත කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වූ සැකය මත මෙම සතියේදී අත්අඩංගුවට ගත් බව නෝර්වේ පොලිසිය පවසා ඇත.




