පීඩාකාරී යුධ මෙහෙයුම් වල යොදවා සිටි තවත් අමෙරිකානු යුධ භටයන් සහ සහයකයන් කණ්ඩායමක් විවේකයක් සදහා තායිලන්තය වෙත රැගෙන විත් තිබෙනවා.
අමෙරිකානු යුධ භටයන් සහ සහයකයන් 4,800ක් මෙම කණ්ඩායමට අයත්.
ඔවුන් සියලු දෙනා USS George H.W. Bush ගුවන් යානා ප්‍රවාහන නෞකාව සමග අඛණ්ඩව මාස 6ක් ඉරානයට එරෙහි යුධ මෙහෙයුම්වලට යොදවා සිටි අයයි.
දැන් මෙම කණ්ඩායමට විවේකයක් ලබා දී ඇති අතර විවේකය ගත කිරීම සදහා USS George H.W. Bush ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන්ම ඔවුන් තායිලන්තයට රැගෙනවිත් තිබෙනවා.
එම නෞකාව මේ වන විටත් තායිලන්තයේ ෆුකෙට් වරායේ නැංගුරම්ලා තිබෙන බවයි රොයිටස් ප්රවෘත්ති ඒජන්සිය පැවසුවේ.
අමෙරිකානු යුධ භටයන් සහ සහයකයන් 4,800කින් සමන්විත මෙම කණ්ඩායම දින 5ක් තායිලන්තයේ ගතකිරීමට නියමිතව තිබෙනවා.
ඒ කාලය තුළ ඔවුන් පතායා ඇතුළු තායිලන්තයේ විනෝදකාමී සංචාරක ගමනාන්ත කිහිපයක සංචාරය කිරීමට නියමිතයි.
USS George H.W. Bush ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ එහි ප්‍රහාරක සමූහය, ඉරානයට එරෙහි අමෙරිකානු හමුදා මෙහෙයුම් වලදී කැපීපෙනෙන කාර්යයක් ඉටුකළ බව ජාත්‍යන්තර විශ්ලේෂකයන් පවසනවා.
ඉරාන නාවික ප්‍රවාහන කටයුතු අවහිර කරමින් ක්‍රියාත්මක කරන ලද නාවික අවහිරතාවට ද USS George H.W. Bush ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ එහි ප්‍රහාරක සමූහය යොදවා සිටි බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, ඇමරිකානු යුධ භටයන් සහ සහායකයන් මාස ගණනාවක් අඛණ්ඩව මෙහෙයුම්වල යෙදවීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විවේචන එල්ල කරමින් සිටිනවා. එලෙස විවේචන එල්ල කරන ප්‍රධාන පාර්ශවයක් වන්නේ යුධ භටයන්ගේ සහ සහයකයන්ගේ පවුල්වල සාමාජිකයන්.
මෙහෙයුම්වලට යොදවා තිබෙන අමෙරිකානු නෞකාවල පවතින ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳ සැකය විවේචනවලට ප්රමුඛ හේතුවක් වී තිබෙනවා.
යුධ භටයන්ගේ සහ සහායකයන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි ඇති වී තිබෙන නරක තත්ත්වයද විවේචන වලට හේතුවක්.
මාස ගණනාවක මෙහෙයුම්වලින් පසු එලෙස මෙහෙයුම් වල යොදවා සිටි අයට විනෝදකාමී විවේකයක් ලබාදීමට අමෙරිකානු රජය තීරණය කර ඇත්තේ මෙවැනි විවේචන ද සැලකීමට ගනිමින් විය හැකියි.
මීට පෙර 'යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන්' යුද නෞකාව සමග මෙහෙයුම්වල යොදවා සිටි අමෙරිකානු විසද පටයන් සහ සහයකයන්ද මෙලෙස විනෝදකාමී විවේකයක් සඳහා තායිලන්තයට රැගෙන ආවා.
අග්නිදිග ආසියාවේ අමෙරිකාව සමග ගිවිසුම් ගතව සිටින එකම මිතුරාද වන්නේ තායිලන්තයයි.




