Published
මැදපෙරදිග සංචාරයක නිරතව සිටින ඇමරිකානු ඩිමොක්රටික් පක්ෂ සෙනෙට් සභික ක්‍රිස් මර්ෆිට එහි රැඳී සිටින ඇමරිකානු හමුදා භටයින් හමුවීමට අවස්ථාව අහිමි වී තිබෙනවා.
සෙනෙට් සභිකයා පවසන්නේ තමන් මැදපෙරදිග කලාපයේ සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවූ නමුත්, හමුදා භටයින් හමුවීමට ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අවසර නොලැබුණු බවයි.
ඒ අනුව කටාර් රාජ්‍යයේ පිහිටි අල් උදෙයිඩ් (Al Udeid) ගුවන් හමුදා කඳවුර වෙත ඇතුළුවීමට තමන්ට තිබූ අවස්ථාව අහිමි කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි ප්‍රකාශ කළේ පවතින තත්ත්වය හමුවේ ඇමරිකානු හමුදා භටයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.
කෙසේවෙතත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිසි පියවර නොගන්නා බවටද ඔහු මෙහිදී චෝදනා කර සිටියා.




