Published
සෞදි අරාබි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු නිල සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. නුවර වෙත පැමිණ තිබෙනවා.
සෞදි රාජ්‍ය පුවත් සේවය සඳහන් කළේ මෙම සංචාරයේදී සෞදි විදේශ අමාත්‍යවරයා, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.




