ඉරාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කුඩා යාත්‍රා කිහිපයක් මගින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
අදාළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානයේ සිරික් වරායට නාවික සැතපුම් 11ක් බටහිරින්.
එම නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රහාරයට ලක්වූ නෞකාව ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක් බවට විශ්වාස කෙරෙනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන වාණිජ නෞකාවලට පහර දීම සඳහා කුඩා වේගවත් යාත්‍රා සමූහයක් භාවිතා කිරීමේ උපක්‍රමයක් ඉරානය විසින් අනුගමනය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් එක්සත් ජනපදය, ඉරානය සමඟ ඉතා සාධනීය මට්ටමේ සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා අමෙරිකානු හමුදා යෙදවීමට සැලසුම් කර ඇති බවයි ට්‍රම්ප් පවසන්නේ.
මේ අතර ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර සති දෙකකට වැඩි කාලයක් ගත වී ඇතත්, ලෙබනනය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 2,679 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අප්‍රේල් 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට සටන් විරාමය බලාත්මක වන විට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2,294ක් ලෙස සටහන්ව තිබුණා.
එහෙත් සටන් විරාමය ක්‍රියාත්මක වූ දින සිට මේ දක්වා ගතවූ කෙටි කාලය තුළ පමණක් අවම වශයෙන් තවත් පුද්ගලයින් 385 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.




