Published
2026 පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය අද සිට ආරම්භ වනවා.
ඒ, එංගලන්තයේ බර්මින්හැම්ග්හිදීයි.
ඛාණ්ඩ දෙකක් යටතේ තරග වදින කණ්ඩායම් ගණන 12ක්.
ඒ අනුව පළමු ඛාණ්ඩය යටතේ ඕස්ටේ්රලියා, බංග්ලාදේශ්, ඉන්දියා, නෙදර්ලන්ත, පකිස්තාන් සහ දකුණු අප්රිකා කාන්තා ක්රිකට් කණ්ඩායම් තරග වදිනු ඇති.
දෙවන ඛාණ්ඩය යටතේ තරග වදින්නේ සත්කාරක එංගලන්ත, ශ්රී ලංකා, අයර්ලන්තය, නවසීලන්තය, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්රිකට් කණ්ඩායම්.
තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාර එංගලන්ත සහ ශ්රී ලංකා කාන්තා කණ්ඩායම් අතරයි.
තරගය අද රාත්රී 11ට ආරම්භවීමට නියමිතයි.




