ගුරුවරුන්ගේ හිඟය, පන්ති කාමරවල පවතින අධික තදබදය සහ පාසල් ගොඩනැගිලි අලුත්වැඩියා නොකිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ප්‍රංශයේ ආරම්භ වූ ශිෂ්‍ය විරෝධතා තවදුරටත් තිව්ර වී තිබෙනවා.
ඒ අනුව එරට පාසල් 500 ක් පමණ අද දිනයේ වසා දැමීමට එරට බලධාරින් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රංශ අධ්‍යාපන අමාත්‍ය එඩ්වඩ් ගෙෆ්රේ පවසා ඇත්තේ ආරක්ෂිත තත්ත්වය තහවුරු නොවීම හේතුවෙන් එම පියවර ගත් බවයි.
විරෝධතා ආරම්භ වූ දින සිට මේ දක්වා පාසල් 24 ක් ගිනි තබා හෝ අලුත්වැඩියා කළ නොහැකි ලෙස විරෝධතාකරුවන් විනාශ කර තිබෙනවා.
අධ්‍යාපන ක්ෂේත්රයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 78 දෙනෙකු තුවාල ලබා ඇති බව ද ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.
පැරිස් නුවරින් ආරම්භ වූ මෙම විරෝධතා මේ වන විට මොන්පෙලියර්, නාන්ටෙස් සහ මාර්සෙයි ඇතුළු ප්‍රධාන නගර රැසකට ව්‍යාප්ත වී තිබෙනවා.
කැරලි මර්දන පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් හමුවේ පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 85%ක්ම බාලවයස්කරුවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අන්ත වාමාංශික ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු මෙම ශිෂ්‍ය ව්‍යාපාරයට රිංගා දැඩි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවට එරට අධ්‍යාපන අමාත්‍යවරයා චෝදනා කර සිටිනවා.
කෙසේවෙතත්, මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා පන්ති කාමර කටයුතු පවත්වාගෙන යාම, යටිතල පහසුකම් නැංවීම සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමවේදය විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමට පියවර ගන්නා බව ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම, මහජන දේපළවලට හානි සිදු කරන පිරිස්වලින් එම වන්දිය අය කරගැනීමේ විශේෂ පනත කඩිනම් කිරීමට ද ප්‍රංශ රජය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.



