ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ කසිරංගා ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ මගීන් 17 දෙනා අතරින් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

කසිරංගා ආසන්නයේ රොන්ගාජාන් ප්‍රදේශයේදී බොකාකාට් සිට නාගොන් දක්වා ධාවනය වෙමින් තිබූ කුඩා බස් රථයක ට්‍රක් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් වහාම අනතුර සිදුවූ ස්ථානයට පැමිණ සුන්බුන් අතර සිරවී සිටි පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.