කළු මුහුදේ රුසියානු වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාරයෙන් පසු නෞකාවේ විශාල ගින්නක් හටගෙන ඇති අතර, ඉන් නැගුණු තද කළු දුමාරය රුසියාවේ සෝචි (Sochi) සංචාරක නගරය දෙසට ද පැතිර ගිය බවයි රුසියානු ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ.
ප්‍රහාරයට ලක් වූ නෞකාව ලයිබීරියානු ධජය යටතේ නෞත්‍රා කළ එකක්. තවදුරටත් එය ගිනිගනිමින් තිබෙන අතර ගින්නෙහි සැර අඩුවූ වහාම මුදාගැනීමේ යාත්‍රා යොදවා ගිනි නිවීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර තිබෙනවා.
කෙසේවෙතත් නෞකාවේ සිටි 23දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය දැනටමත් සුරක්ෂිතව බේරාගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ඔවුන් සියළු දෙනාම ඉන්දියානු ජාතිකයන් 23 බව ද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් සදහන්.
බල්ගේරියාවට අයත් මුහුදු සීමාවේදී ද වෙළඳ නෞකා දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා. ඒ බව තහවුරු කරමින් බල්ගේරියානු අගමැතිවරයා පැවසුවේ මෙය ජාත්‍යන්තර සාගර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් බල්ගේරියාව දැනටමත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එසේ තිබියදී යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කි කියා සිටියේ මෙම ප්‍රහාරය පිටුපස රුසියාව සිටින බවයි.
මේ අතර රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කියෙව් නගරයේ ගොඩනැගිලි සහ ගබඩා සංකීර්ණ කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.



