අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත ඉතිහාසයේ වඩාත් විනාශකාරී ලැව්ගිනිවලින් එකක් ඇති කිරීම සම්බන්ධයෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු වරදකරු බව ලොස් ඇන්ජලීස් ජූරි සභාවක් තීරණය කර තිබෙනවා.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී පැසිෆික් පැලිසේඩ්ස් සහ මලිබුහි ඇතැම් ප්‍රදේශ පුරා පැතිර ගිය මෙම ලැව්ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ගොඩනැගිලි 6,800කට අධික සංඛ්‍යාවක් විනාශ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගිනි තැබීමේ චෝදනාවට මෙලෙස වරදකරු වී ඇත්තේ ජොනතන් රින්ඩර්නෙක්ට් නමැති පුද්ගලයෙක්.
මීට මාස පහකට පමණ පෙර පැවති නඩු විභාගයේදී ජූරි සභිකයින්ට එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් විනිසුරුවරයා විසින් එම නඩු විභාගය අවලංගු කර තිබූ පසුබිමකයි මෙම නව තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ.
තමන් නිවැරදිකරු බවට මීට පෙර ප්‍රකාශ කර තිබූ රින්ඩර්නෙක්ට්, ෆෙඩරල් චෝදනා දෙකකට වරදකරු වී තිබෙනවා.
ඔහුට එරෙහි දඬුවම ලබන මාර්තු 17 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එක් චෝදනාවකට වසර 5ත් 20ත් අතර සිර දඬුවමකට යටත් වීමට ඔහුට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.




