සෞදි අරාබියේ දම්මාම් නුවර කිං ෆාඩ් ජාත්යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අට පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එරට සිවිල් ගුවන්සේවා ජනරාල් අධිකාරිය සඳහන් කළේ තුවාල ලැබූ පිරිස වෛද්ය ප්රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි.
සෞදි අනුග්රහය ලබන යේමන රජය සහ හූති සන්නද්ධ බලකායන් අතර පවතින අර්බුදය දැඩි වීමත් සමග සෞදි ගුවන්තොටුපොළවල් ඉලක්ක කරගනිමින් එල්ල වූ නවතම ප්රහාරය මෙය බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
මීට පෙර ඔක්තෝබර් 11 වනදා රියාද් නුවර කිං කාලිද් ජාත්යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරයකින් එක් අයෙකු මියගොස් 11 දෙනෙකු තුවාල ලැබූ අතර, ඊට පෙර දින එනම් ඔක්තෝබර් 10 වනදා එම ගුවන්තොටුපොළටම එල්ල වූ තවත් ප්රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 300 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
මේ අතර පවතින හූති ප්රහාර හමුවේ සෞදි අරාබියේ පිහිටි ඇමෙරිකානු රාජ්ය තාන්ත්රික නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට වහාම එරටින් පිටවන ලෙස ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදීත් හූති ප්රහාර එල්ල විය හැකි බවට රියාද් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් විශේෂ ආරක්ෂිත අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කළේ.




