රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත විධිමත් පටිපාටියට අනුකූලව විනිවිද භාවයකින් යුක්තව පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් සකස්කොට ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ප්රකාශ කළා.
අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ඊයේ දින දෙවන දියටත් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මේ බව කියා සිටියා.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත් වුණා.
ඊයේ පෙරවරුවේ මෙම පෙත්සම් විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් සවස වන විට අවසන් වුණා.
ඒ අනුව අදාල පනත් කෙටුම්පත ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සීමාවන්ට අනුකූල වන පරිදි මූලික අයිතිවාසිකම් ද උල්ලංඝනය නොවන ආකාරයට කෙටුම්පත් කර තිබෙන බවත් එය පාර්ලිමේන්තුවේ සාමාන්ය බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා සිය දේශන වලින් පෙන්වා දුන්නා.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ තිබූ පෙත්සම්වලට අදාල නීතිඥවරුන්ගේ සහ නීතිපතිවරයාගේ වාචික දේශන ඉදිරිපත් කිරීම ඊයේ රාත්රී අවසන් කෙරුණා.
මෙම නඩුකරවලට අදාල ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට දින පෙර ගොනු කරන ලෙස අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ ත්රි පුද්ගල විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ට නියම කළා. ඉන් පසුව මෙම පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවත් විනිසුරු මඩුල්ල නිවේදනය කර තිබෙනවා




