අකුරණ, අලවතුගොඩ, කුරුගොඩ හන්දියේ මීට නොබෝ වේලාවකට පෙර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක් සහිත වාහනයක් මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක සහ පදිකයින්ගේ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා අකුරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.