ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින 2 තුළදීද  පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.