අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල ඉකුත්දා කෙරුණු සත්‍යග්‍රහය අතරවාරයේ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ලබන 26දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.
ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද ලබාදුන් නියෝගයක් අනුවයි.
ප්‍රශ්න ගත ගැටුම සම්බන්ධයෙන් පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් මීට පෙර අත්අඩංගුවට ගැනුනා.
එහෙත් ගැටුමට සම්බන්ධ දෙවන පාර්ශ්වය වූ රාජාංගනයේ සද්ධාරතන නමැත්තා අත්අඩංගුවට නොගන්නේ මන්දැයි අනුරාධපුර මහේශාක් අධිකරණය පොලිසියෙන් ඊයේ විමසා සිටි අතර පසුව අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත නියෝග කෙරුණේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුව රාජාංගනයේ සද්ධාරතන නමැත්තා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගැනුණා.
ඔහු සමග ගැටුමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් තුන්දෙනෙකුද අත්අඩංගුවට ගෙනුණු අතර එලෙස අත්අඩංගුවට ගැනුණු සියලු දෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ අද පස්වරුවේයි.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බලා රාජාංගනයේ සද්ධාරතන සහ අත්අඩංගුවට ගත් අනෙක් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.




