හිඟුරක්ගොඩ, මීගස්වැව, වැලිගම්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 110ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
මහඅඹගස්වැව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44ක පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර අම්බලන්ගොඩ, කන්දේගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 101 මිලිග්‍රෑම් 303ක් සමඟ සැකකරුවෙකු අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරු අවුරුදු 34ක් වන අම්බලන්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර අම්බලන්ගොඩ, කන්දේගොඩ ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබී සැකකරුවෙකු නොමැති අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 400ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකා මාතර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




