අහුංගල්ල, ගල්වෙහෙර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින්. ඊයේ අලුයම සිදුවූ එම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ 74 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ එම වෙඩි තැබීමට යොදාගත් පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් ද ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගෙන තිබෙනවා.