Published
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් නිල ප්‍රකාශය ඔහු එහිදී ඉදිරිපත් කිරීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය මෙවර පැවැත්වෙන්නේ 81 වරටයි.
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී මෙම සැසිය පැවැත්වෙනවා.
සැප්තැම්බර් 27 වැනිදා ආරම්භ වූ මෙම මහා මණ්ඩල සැසිය ලබන 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
“විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම - සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන්න මෙවර සැසියේ ප්‍රධාන තේමාව වී තිබෙනවා.
මෙම සංචාරය අතරතුරදී විදේශ කටයුතු අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.




