ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල අද අලුයම් කාලයේ සිටද ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා.
ඊට හේතුව වී ඇත්තේ මෙරට ඉන්ධන සපයන පෞද්ගලික සමාගම් තුන ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබීම බවයි ඛනිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පැවසුවේ.
ලංකා IOC සමාගමෙත්, RM Parks සමාගමෙත්, Sinopec සමාගමෙත් තෙල් බෙදාහරින්නන් වෙත ලබාදීම ඉතාමත් ම සීමිත කරලා තියෙනවා. මං හිතන්නේ අවශ්‍ය ප්‍රමාණයට කිසිවක් ලැබෙන්නේ නැති තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. ඔවුන් ඒකට විශේෂයෙන් ම කියන්නේ ඔවුන් මිලදී ගන්න මිලට මෙහෙ විකිණීමට අවසර නොදෙන තත්ත්වයක් තමයි ඔවුන්ගේ ප්‍රකාශය. ඒ වගේම රජයත් මේකට මැදිහත් වෙලා රජයත් යම්කිසි සහනාධාරයක් ඔවුන්ට දීලා මේක කටයුතු කරන්න තමයි මං හිතන්නේ උත්සාහ කරන්නේ. නමුත් ඒ විදේශ සමාගම් කියන විදිහට ඒ රජය විසින් ලබාදෙන ඒ සහනාධාරය මදි කියන එක තමයි මේකේ මූලික හේතුව වෙලා තියෙනවා හැටියට අපිට තේරෙන්නේ
මේ හේතුවෙන් පිට පලාත්වල ඛනිජ තෙල් පාරිභෝගිකයින් වැඩි වශයෙන් දුෂ්කරතාවන්ට ලක්වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
ලංකා IOC සමාගම, RM Parks එක, ඒ වගේම ලංකා Sinopec සමාගම, මේ සමාගම් තුනට සාමාන්‍යයෙන් පැට්‍රෝල් ෂෙඩ් 580 ක් විතර තියෙනවා. අපිටම ලංකාව පුරාම විහිදිලා තියෙන්නේ, දිවයින පුරාම තියෙන්නේ 1400 ක් විතර පිරවුම්හල් සංඛ්‍යාවක්. ඒකෙන් 580 ක් මේ අංශයට ගොනු වෙනවා. ඛනිජ තෙල් සංස්ථාව සතු පිරවුම්හල්වල මේ ප්රශ්නය මතුවෙලා නැහැ. ඔවුන් අවශ්‍ය ප්‍රමාණයට තෙල් නිකුත් කරන බව තමයි අපේ බෙදාහරින්නන් අප වෙත දන්වලා තියෙන්නේ. ඉතින් ඒ කොහොම වුණත් පුළුවන් තරම් ඉක්මනින් මේ ප්රශ්නය විසඳුවේ නැත්නම් මේ බස්නාහිර පළාත හැරුණාම අනෙකුත් ප්‍රධාන නගරවලට අමතරව ඉතාම දුෂ්කර පළාත්වල සමහර විට කිලෝමීටර් 20, 25, 15, 17 වගේ දුර යන්න වෙලා තියෙනවා මේ පැට්‍රෝල් සහ ඩීසල් ලබාගැනීම සඳහා. ඉතින් මේ ප්රශ්නය ඉතාමත් ම පාරිභෝගිකයාටත් ඉතාම අපහසුතාවයක්, ඒ වගේම වාණිජමය හානියක් මේ සියලුම පාරිභෝගිකයින්ට වෙනවා. මොකද ඔවුන් දැන් ඊළඟ මාසේ මේ 10 වෙනිදා පඩි නඩි ගෙවන්න ඕනේ. ඔවුන්ගේ වෙළඳාමෙන් මං හිතන්නේ හරි කාලක් විතර, එහෙම නැත්නම් හරි අඩකටත් අඩු ප්‍රමාණයක් තමයි තෙල් විකුණුම් කරලා තියෙන්නේ




