Published
පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය ඉහළ කොට්ටේ සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතරදි පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
ධාවනය වෙමින් තිබූ එම දුම්රිය පස් කණ්ඩිය සහ ගලක ගැටීම හේතුවෙන් එලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව එම සීඝ්රගාමි දුම්රියේ මැදිරි දෙකක් පීලි පැන තිබෙනවා.
මේ හේතුවෙන් උඩරට මාර්ගයේ සියලු දුම්රියන් ප්රමාද වී ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
පීලි පැනීමට ලක්වු මැදිරි දෙක යළි පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.




