ඌව පළාතේ විශාලතම සරුංගල් සැණකෙළිය අද පස්වරුවේ ආරම්භ වනවා.

ඒ, වැලිමඩ, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගණයේදීයි.

ඒ පිළිබද තවත් තොරතුරු එම ක්‍රීඩාංගණයේ රැදී සිටින නෙත් නිව්ස් නියෝජිත උපුල් සිංහ පතිරණගෙන්.
''පසුගිය දින කිහිපය පුරාවටම අපි ප්‍රචාරය කළා වගේම, මේ මොහොත වන විට අද දවසේ සරුංගල් සැනකෙළිය - ඌවේ පළමුවතාවට සහ ඌවේ එකම දැවැන්ත සරුංගල් සැනකෙළිය ආරම්භ කරන්නට සියල්ල සූදානමින් තිබෙනවා. මේ මොහොත වන විටත් විශාල සරුංගල් කණ්ඩායම්, එහෙමත් නැත්නම් විශාල සරුංගල් ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමින් තිබෙන ආකාරය කාර්යාල පරිශ්‍රයේදී අපට දැකගන්නට තිබෙනවා. අද සවස 3:00 සිට මේ ඌවේ අහස සිසාරා නොයෙක් නොයෙක් වර්ණයන්ගෙන් බබළන ඉතාම අලංකාර වූ සරුංගල් සංදර්ශනයක් දැක බලාගන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. ඉතින් එන්න කියලා ආරාධනා කරනවා "ඌව කොල්ලෝ කෙල්ලෝ" සමාජ මාධ්‍ය ජාලය පළමුවතාවට සහ සංවිධානය කරනු ලබන මේ දැවැන්ත සරුංගල් සංදර්ශනය, සැනකෙළිය නරඹන්නට ඔබට එන්න කියලා ගෞරවයෙන් ආරාධනා එකතු කරනු ලබනවා ඌව පළාතේ ඉන්න සියලුදෙනාටමත්. ඒ වගේම ප්‍රදේශවාසී ඔබ සියලුදෙනාටමත් ගෞරවයෙන් අපි ආරාධනා කරනු ලබනවා. අද සංධ්‍යා භාගයේ 'හෝලි පෙස්ටිවල්' පවත්වන්නට, ඒ වගේමයි විනෝදවන්නට හැකියාව ලැබෙන ආකාරයෙන් DJ පවත්වන්නටත් සියලු කටයුතු සංවිධානය කරමින් තියෙනවා. ඉතින් ඌව පළාතේ ඌව අහස තුළ පවත්වනු ලබන විශේෂිත වූ සරුංගල් සංදර්ශනය දැකබලාගන්නට පැමිණෙන ලෙස ඔබට සියලුදෙනාටම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා.''

සරුංගල් සැණකෙලිය සඳහා ඌව පරණගම ප්‍රාදේශීය සභාව සහ අඹගස්දෝව පොලිසිය ද සංවිධාන සහය ලබා දෙනවා.

එමෙන්ම මෙම සරුංගල් සැණකෙලිය සඳහා මාධ්‍ය සවිය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.