එප්පාවල නගරයේ පිහිටි ප්‍රධාන පාසලක් තුළදී සිසුවෙකු විසින් තියුණු ආයුධයකින් පහර දීමෙන් සිසුන් පස්දෙනෙකු තුවාල ලබා එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස තුවාල ලබා ඇත්තේ, අදාල පාසලේ උසස් පෙළ තාක්ෂණ අංශයේ සිසුන් 05 දෙනෙකු බවයි පොලීසිය පැවසුවේ.

පිහි ඇණුම සිදුකර ඇත්තේද එම පාසලේම උසස් පෙළ විද්‍යා අංශයේ සිසුවෙකු බව පොලීසිය පැවසුවා.

අදාල සිසුවා පහරදීමට යොදා ගත් තියුණු ආයුධයද සමග මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මීට දින කිහිපයකට ඉහතදී පිහිඇණුම කළ සිසුවා සහ අද දින සිදුවූ පිහි ඇනුමෙන් තුවාල ලැබූ සිසුවෙකු අතර ගැටුමක් හට ගෙන ඇති අතර, ඊට පළිගැනීමක් ලෙස මෙලෙස තියුණු ආයුධයකින් පහරදී ඇති බවටයි අනාවරණ වී තිබෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසීය විමර්ශණ සිදු කරනවා.