කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කථානායකවරයාට එරෙහි චෝදනා 49ක් මුල් කරගනිමින් එම විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර ඇති බවයි සමගි ජනබලවේගය පැවසුවේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කළා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත අද යොමුකරන බව එම පක්‍ෂය පැවසුවා.