කහවත්ත රෝහලේ පැරණි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම රෝහලේ අබලි භාණ්ඩ ගබඩා කර තිබූ පැරණි ගොඩනැගිල්ලක අද අලුයම 3.30 ට පමණ එම ගින්න හටගෙන ඇති බවයි.

වහා ක්‍රියාත්මක වු රත්නපුර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ගින්න මැඩපවත්වා තිබෙනවා.

ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.