Published
කළුතර - කොළඹ ප්රධාන මාර්ගයේ නාගස් හන්දිය ප්රදේශයේදී යතුරුපැදිවලින් පැමිණ සුඛෝපභෝගී බස් රථයක් හරස්කර රියදුරුට සහ කොන්දස්තරවරයාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කළුතර උතුර පොලිස් ස්ථානය මගින්.
එහිදී සැකකරුවන් මෙම පහරදීම සඳහා පැමිණි යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව සහ මොරොන්තුඩුව ප්රදේශවල පදිංචිකරුවන් හය දෙනෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.




