Published
දකුණු කළුතර, වෙට්ටුමකඩ, පල්ලිය පාර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ එම වෙඩි ප්‍රහාරයෙන් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවට වාර්තා වනවා.




