Published
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, හෙට අලුයම 1.00 දක්වා වලංගු වන පරිදියි.
ඒ අනුව වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණ සහ උතුරු මැද පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
එබැවින් අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.




