කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ පැමිණිල්ල කැඳවන ලද අවස්ථාවේදීයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර නාමල් රාජපක්ෂ මහතා සහ ජනකී සිරිවර්ධන මහත්මියද මෙහිදී අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් සහ පැමිණිලිකාර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 16 වනදා ප්‍රකාශයට පත් කරන බවද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී කියා සිටියා.




