නෙත් FM රේඩියෝව සංවිධාන කරන You're a Leader නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50වන කඳවුර මේ වනවිට මාතර, කොටපොල ජාතික පාසලේදී පැවැත්වෙනවා.
එම කදවුර අද සිට දින තුනක් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
ඒ පිළිබද තවත් තොරතුරු කොටපොල ජාතික පාසලේ රැදී සිටින නෙත් නිවුස් නියෝජිත සුරේෂ් හෙන්නායකගෙන්.
"නෙත් FM අපි කවදාවත් අලුත් කාගෙත් නෙත් අලුත්ම Alpha Generation එක හොයාගෙන ඇවිල්ලා තියෙනවා කොටපොල ජාතික පාසලට. අද උදෑසන ඉතාමත්ම වර්ණවත් විදිහට 50 වෙනි "You Are A Leader" වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. අපි ජාතියට මේ වනවිට 49 වතාවක් පාසල් වල මෙවැනි නැවුම් නායකයින් තනන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මේ තමයි 50 වෙනි එක කොටපොල ජාතික පාසලට. අති දක්ෂ ළමයින් සිටින දකුණු පළාතේ ස්වර්ණමය නාමයක් තමයි කොටපොල ජාතික පාසල. ඉතින් ඔවුන්ගේ තියෙන දක්ෂකම් මේ කොටපොලට නැත්නම් පළාතට නැත්නම් ලංකාවට සීමා කරන්නේ නැතුව විශ්වයට විවෘත කරන්නටයි BOC එහෙමත් නැත්නම් අපේ ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා නෙත් FM කවදාවත් අලුත් කාගෙත් නෙත් අලුත් වෙමින් කාගෙත් වෙමින් මේ වැඩසටහන දියත් කරන්නේ. ඉතින් අද උදෑසන සිට මේ වැඩ කටයුතු ක්‍රියාත්මක වෙනවා පාසලේදී. අපි සූදානම් කරලා තියෙනවා ගුරුවරුන් සඳහා ඉතාම සැනසිලිදායක මනසක් එක්ක ළමයින් එක්ක ගනුදෙනු කරන දේශන මාලාවක් සහ ක්‍රියාකාරකම්. ඒ වගේම තමයි අපි ලෑස්ති කරලා තියෙනවා දෙමාපියන්ට ළමයින් එක්ක කොහොමද තමන්ගේ ගනුදෙනුව කරන්න ඕනි, මේ generation එකක් එක්ක කටයුතු කරද්දී මානසිකව සහ කායිකව ඔවුන්ගේ බලාපොරොත්තු සහ ඔවුන්ගේ ජීවිත කොයි විදිහෙද හැඩගැහිලා තියෙන්නේ, ඒකට දෙමාපියන්ගේ බලාපොරොත්තු එකතු කරගනිමින් ආදරය සෙනෙහස දෙමින් නායකයෙක් බවට පත් කරන්නේ කොහොමද කියන කරුණු කාරණා කියලා දෙන්න ලෑස්තියි. ඒ වගේම හෙට සෙනසුරාදා ඔවුන්ගේ ක්‍රියාකාරකම් අතරතුරදී සවස යාමයේ Rala Creation වසන්ත දුග්ගන්නාරාල මහත්මා ඇතුළු පිරිස ඇවිත් සංගීතමය විදිහට නායකයෙක් තුළ තියෙන ශික්ෂණය කොහොමද හදාගන්නේ සහ ගීත වලින් අපේ නායකත්වයට යන ගමනට ලැබෙන ඒ සහකම්පනය, දයාව, කරුණාව මේ හැම දේම එකතු කරගන්නේ කොහොමද? සත්සර ඔස්සේ කියලා කියලා දෙනවා. ඒ වගේම රාත්‍රියේ ගිනිමැල සංදර්ශනයක් තිබෙනවා. මේ විදිහට වැඩකටයුතු ගොඩක් සමඟ අතිස්සූදානම් වෙනවා කවදාවත් අලුත් කාගෙත් නෙත් අලුත්ම රටක් ලෝකයට දායාද කරන Alpha Generation එක ඉස්සරහට ගෙනියන්න. ඉතින් ඒ ගෙනියන කර්තව්‍යයේ එක තැනක් තමයි මේ 50 වෙනි "You Are A Leader" වැඩසටහන කොටපොල ජාතික පාසලේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ''
"You Are A Leader" නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන කදවුර සිය පාසලට ලැබීම සම්බන්ධයෙන් කොටපොල ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ලලිත් ප්‍රියන්ත හේවගේ මහතා ද අදහස් පළ කළා.
"නෙත් FM 'You Are A Leader' වැඩසටහන මේවර ප්‍රථම වතාවට අපේ පාසල, කොටපොල ජාතික පාසල මේ සඳහා තෝරාගැනීම පිළිබඳව විශේෂයෙන් නෙත් FM ආයතනයට, ඒ වගේම ලංකා බැංකුවටත් ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම මේක අපේ පාසල මේ වනවිට තියෙන තත්ත්වයත් එක්ක, ඒ කියන්නේ ඉදිරියට යන පාසලක්. ඒ වෙනුවෙන් මේ වැඩසටහන මම හිතන්නේ අපේ පාසලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. පාසලේ විශේෂයෙන් නායකත්වය එය ඉදිරියට ගෙනියන ශිෂ්‍ය නායක මණ්ඩලයට, ඒ වගේම ආදරණීය ගුරුවරුන්ට, ආදි ශිෂ්‍යයන්ට, මේ සියලු දෙනාට එකසේ වැදගත් වන වැඩසටහනක් බවට පත්වෙයි කියලා අපි හිතනවා. ඒ නිසා මේක අපි කොටපොල ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය විදිහට මේ සඳහා අපේ සුභපැතුම් එක්කරනවා, විශේෂයෙන් නෙත් FM ආයතනයට, ඒ වගේම ලංකා බැංකුවට, අපේ පාසල මේ සඳහා තෝරාගැනීම පිළිබඳව."
නෙත් FM රේඩියෝව සංවිධාන කරන "You Are A Leader" නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50වන කඳවුර සදහා ජාතියේ මහා පහන් ටැඹ - ලංකා බැංකුව මූල්‍ය අනුග්‍රහය ලබාදෙනවා.














