Published
දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී ආරක්ෂක අංශ භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන එකහමාරකට අධික බවට අනාවරණ වී තිබෙනවා.
යසිරු පුතා නම් වු එම බහුදින ධීවර යාත්‍රාව පසුගිය 11 වනදා නීතියේ රැහැනට හසු කර ගැණුනේ නාවික හමුදාව සහ බුද්ධි අංශ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි.
ඒ අනුව යාත්‍රාව තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 60කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 50කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
ගාල්ල වරායට රැගෙන ආ එම බහුදින ධීවර යාත්‍රාව නිරීක්ෂණය කිරීම සදහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා ඇතුළු පිරිසක් එක් වූ බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.




