Published
ජුනි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකරන බව එම ගෑස් සමාගම පවසනවා.
ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් එලෙස මිල සංශෝධනයක් සිදු නොකරන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.
පසුගිය මාසයට අදාළව දැනට පවතින මිල ගණන් ජුනි මාසය සඳහා ද වලංගු වනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,765 ක මිලටත්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,910ක මිලටත් කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 890ක මිලටත් තවදුරටත් අළෙවි වන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.




