Published
ගිරිතලේ, විජයරාජගම ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ 64හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මාමා කෙනෙකු සහ ඔහුගේ බෑනා කෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිය නිවස ඉදිරිපිටදී මෙම පහරදීමට ලක්වූ පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇති අතර
නිවැසියන් විසින් 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ඔස්සේ ඔහු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




