Published
ජගත් පරිසර දිනය අදයි. මෙවර එහි තේමාව වන්නේ කඩිනමින් දේශගුණික ක්‍රියාකාරිත්වය යන්නයි.
ශ්‍රී ලංකාව ද මෙවර ජගත් පරිසර දිනය සමරනු ලබන්නේ “තිරසර ජෛව ගෝලයක් - සදාහරිත ජීවිතයක්” යන දැක්ම යටතේ “දලුලන්න ඉඩදෙන්න” තේමා කර ගනිමින්.
ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැත්වෙනවා.
වනාන්තර රක්‍ෂිත කිරීමේ ජාතික වැඩසටහන වන වනස්පති වැඩසටහන යටතේ අලුතින් වනාන්තර 5ක් ප්‍රකාශයට පත් කිරීමද එහිදි සිදුවනවා.
පරිසර අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන එක්ව මෙවර “ජාතික පරිසර සතිය”ක් ද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව පසුගිය මැයි 30 වනදා සිට අද දින දක්වා එය ක්‍රියාත්මකයි.
ඒ යටතේ වැඩසටහන් රැසක් ජාතික සහ ප්‍රාදේශීය මට්ටමෙන්ද ක්‍රියාවට නංවා තිබෙනවා.




