ඉස්ලාම් දහමට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ලබන 30 වනදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

​එම අවස්ථාවේදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අධිකරණය හමුවේ පෙනී සිටියා.