Published
නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් අංකය ඉදිරිපත් කිරීම නොවැම්බර් 01 වනදා සිට අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීමේදී ටින් අංකය ඉදිරිපත් කළ යුතු වනවා.
එමෙන්ම ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබාගැනීමේදීද වලංගු ටින් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ.




