අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 336 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 326යි ශත 75ක් ලෙස සටහන් වී තිබුණා.

ඩොලරයක විකුණුම් මිල ලෙස රුපියල් 336යි ශත 60ක් ලෙසයි දැක්වුණේ.

ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 325යි ශත 97ක් ලෙසත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 335යි ශත 70ක් ලෙසත් සටහන්ව තිබුණා.