Published
වෙසක් පුර පසලොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් 15,000 කට ආසන්න සංඛ්‍යාවක් සදහා මේ වන විට ලියාපදිංචි වී අවසන් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, දන්සැල් ලියාපදිංචිය සදහා තවදුරටත් අවස්ථාව හිමි වන බවයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ වනවිට බෝවන රෝග කිහිපයක් පිළිබද වාර්තා වන බැවින් නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දන්සැල් පවත්වන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් ද කළා.




