විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන “පලනි කැනිස්ටර්“ නැමැත්තාගේ ප්රධාන වෙඩික්කරුවෙකු සහ යතුරුපැදි පැදිකරුවෙකු ගිනි අවියක් සහ මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.
සැකකරුවන් සතුව තිබී ‘ෂොට් කටස්‘ වර්ගයේ ගිනි අවියක්, බෝර 12 උණ්ඩ 5 ක්, අයිස් මත්ද්රව්ය ග්රෑම් 22 යි මිලිග්රෑම් 340 ක්, ජංගම දුරකථනයක් සහ ගමන් මල්ලක් ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ‘පලනි කැනිස්ටර්’ කණ්ඩායමට එකතුවීමට කරන ලද ඉල්ලීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ‘අසේල’ නැමැත්තෙකු වෙඩිතබා ඝාතනය කර ඇති බවයි.
එමෙන්ම අදාළ පුද්ගලයාගේ එක් දරුවෙකුද ඝාතනය කිරීමට මෙම සැකකරුවන් යොදාගෙන සැලසුම් කර තිබූ බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි කොටහේන ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.




