කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්ය තත්ත්වය මේ වනවිට යහපත් තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සාමාන්ය වාට්ටුවකට මාරු කිරීමටයි වෛද්යවරුන් සූදානම් වන්නේ.
ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටත සිදූ වූ මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් නෙත් නිවුස් කණින් කොනින් විශේෂාංගය පහතින්.
මෙන්න ශ්රව්ය ගොනුවේ ඇතුළත් කථනයේ පිටපත:
''මේ දවස්වල දේශපාලන වේදිකාවේ තිරයෙන් පිටුපස වැඩිපුරම කතා වෙන්නේ මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල ගැන. මහින්ද රාජපක්ෂ ගැන වැඩිපුරම කතා වෙන්නේ ඔහුගේ සෞඛ්ය තත්ත්වය නිසා. අපි මුලින්ම බලමු ඔහුගේ සෞඛ්ය තත්ත්වයට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා, ඔහු තාමත් එහි ප්රතිකාර ලබමින් ඉන්නවා. ඔහු මුලින්ම ඇතුළත් කළේ MICU යුනිට් එකට, ඒ කියන්නේ Medical Intensive Care Unit එකට. ඒ කියන්නේ වෛද්ය දැඩි සත්කාර ඒකකයකට, සාමාන්යයෙන් ඒකට දාන්නේ ශල්යකර්ම නොකරන, එහෙත් බරපතල තත්ත්වයේ පසුවන රෝගීන්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තිබිලා තියෙන්නේ ප්රෙෂර් එක පාලනය වෙන්නේ නැති ගතියක් තමයි මූලිකව තිබිලා තියෙන්නේ කියලා වෛද්යවරුන් කියන්නේ. කොහොමහරි ඊට පස්සේ MICU යුනිට් එකේ ඉඳලා මෙයාව දැන් පස්සේ දැම්මා ICU එකට. දැන් වාර්තා වෙන විදිහට කොහොමහරි ඊයේ පස්වරුව වගේ වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව ICU එකේ ඉඳන් සාමාන්ය වාට්ටුවකට දාන්න තරම් සුදුසු සෞඛ්ය තත්ත්වයක මට්ටමක හිටියා කියලා කතා වෙලා තියෙනවා. දැන් ප්රෙෂර් එකත් පාලනය වෙලා තියෙනවා කියල තමයි කියන්නේ, හැබැයි තාමත් ඔහු පෞද්ගලික රෝහලේම ප්රතිකාර ලබමින් ඉන්නවා.''
''ශිරන්ති රාජපක්ෂ හිටපු ජනාධිපති ආර්යාව ගැනත් වැඩිපුරම කතා වුණේ ඇය අත්අඩංගුවට පත්වීම් ඇතුළු කාරණා නිසා, ඒත් එක්කම ඇගේ සෞඛ්ය තත්ත්වය ගැනත් වැඩිපුරම කතාබහට ලක්වුණා. ශිරන්ති තාමත් ඉන්නේ කොළඹ ජාතික රෝහලේ, එහිදී ඇයට ඇන්ජියෝග්රෑම් එකක් කළා කියලා ඔබ දැන් දන්නවා. ඒකේ රිපෝට් එක අද, ඒ කියන්නේ 16 වෙනිදා එන්න නියමිතව තිබෙනවා. සිංගප්පූරුවේදීත් ශිරන්ති වෛද්ය පරීක්ෂණයකට මුහුණ දුන්නා, ඒකේ රිපෝට්ස් දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒකෙදිනම් කියලා තියෙනවා කියලා කියනවා වහාම වෛද්ය ප්රතිකාර ලබාදෙන්න කියලා. ඉතින් පවුලේ අය කියන විදිහට ඕපන් හාට් සර්ජරි එකක් කරන්න වෙයි කියලා තමයි කියන්නේ ශිරන්ති රාජපක්ෂට. කොහොමහරි පවුලේ අය වරින් වර ගිහිල්ලා තියෙනවා ශිරන්තිව බලන්න, ආරක්ෂාව යටතේ ඇය ඉන්නවා කියලා තමයි කියන්නේ. සැත්කමට ගන්නවද නැද්ද කියන එක, කවද්ද ගන්නේ, කොහොමද, කොතැනද කියන එක පිළිබඳව වෛද්යවරුන් පසුවට තීරණය කිරීමට නියමිතව තියෙනවා කියලත් පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වන දේශපාලන වේදිකාවේ තිරයේ පිටුපසින් ඇහෙනවා.''
''අනිත් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ. යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් අලුත්ම තොරතුරක් වාර්තා වුණා ඊයේ, ඒ තමයි නාවික හමුදාවේ ඉද්දි ගත්තු පඩිය ගැන. මේක අධිකරණයේ තමයි තොරතුරු වාර්තා වුණේ. මේකේ කියන විදිහට, කියපු විදිහට 2006 ඉඳන් 2016 දක්වා කාලය තුළ ඔහු රුපියල් මිලියන 5.15 ක සම්පූර්ණ වැටුපක් ලබාගෙන තිබෙනවා. ඒ කියන්නේ දීමනා එහෙම නැතුව. දීමනා එක්ක ගත්තහම මේ ගාන තුන් ගුණයක් වෙන්න වගේ වෙයි කියලා තමයි දන්න කියන අය කියන්නේ, ඒ කියන්නේ රුපියල් මිලියන 15.45 ක් වගේ. හැබැයි යෝෂිතගේ යාළුවෙක් කියන විදිහටනම් යෝෂිත මේ පඩියෙන් වියදම් කරලා නෑ. යෝෂිත කියලා තිබ්බලු "අම්මා තාත්තා කන්න බොන්න දෙනවානම්, තාත්තා ජනාධිපති හින්දා වාහනත් හම්බවෙනවානම්, මම මොකටද මේවා වියදම් කරන්නේ" කියලා මේ සල්ලි වියදම් කළේ නෑ කියලා තමයි යාළුවා කිව්වා කියලා දේශපාලන වේදිකාවේ තිරයේ පිටුපස කතා වෙන්නේ. ඒ වගේම තමයි යෝෂිත රාජපක්ෂට අවුරුදු 16 දී රුපියල් 70,000 ක් තිබිච්ච එකවුන්ට් එකක් තිබිලා තියෙනවා රාජ්ය බැංකුවක. පහුගිය යහපාලන කාලයේදී ඒකත් අත්හිටුවලා තියෙනවා කියලා යාළුවෝම කිව්වා කියලා දේශපාලන වේදිකාවේ දැන් කට්ටිය කතා වෙනවා.''
''ඉතිහාසයේ පළමු වෙනි වතාවට කාන්තාවක් කථානායක පුටුවට මේ දවස්වල ලංවෙමින් හීන දකිමින් ඉන්නවා කියලත් දැන් දේශපාලන වේදිකාවේ තිරයේ පිටුපසින් වාර්තා වෙනවා. මාලිමාවේ කටකාර ඉදිරිපෙළ මන්ත්රීවරියක් තමයි ඇය. කොහොමහරි විපක්ෂයනම් කියන විදිහට දැන් ඉන්න කථානායකවරයා වගේම ඉදිරියටත් අපිව කොන්ට්රෝල් කරන්න පුළුවන් කෙනෙක් තමයි ඔය පුටුවට ගේන්න ඔය දඟලන්නේ කියලා තමයි විපක්ෂයේ කට්ටිය කියන්නේ. මේ මන්ත්රීවරිය දැනුත් ඉතින් ආණ්ඩු පැත්තේ ඉඳලා විපක්ෂයේ කටවල් වහන්න සෑහෙන ගේමක් දෙනවා කියලා තමයි විපක්ෂයේ මන්ත්රීවරුනම් කියලා තියෙන්නේ.''




