මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ, අනුව වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ දස දහස් අටසිය හතක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.

මේ අතර මැයි මාසය ආරම්භයේ සිය මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ තිස්හතර දහස් පන්සිය තිහක් බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.